නිති අසන ප්‍රශ්න
නිතර අසන ප්‍රශ්න සහ පිළිතුරු
දානයක් වෙන්කරවා ගැනීමේ ක්‍රියාවලියට සරල පියවර 3ක් ඇතුළත් වේ.
පළමු පියවර වන්නේ ඔබේ අවශ්‍යතා අනුව ලබා දී ඇති ලැයිස්තුවෙන් ආරණ්‍ය සේනාසනයක් තෝරා ගැනීමයි.
දෙවන පියවර වන්නේ තෝරාගත් ආරණ්‍ය සේනාසනයේ දින දර්ශනයෙන් දිනයක් තෝරා ගැනීමයි.
තෙවන පියවර වන්නේ ඔබේ මුදල් ආරණ්‍ය සේනාසනයේ ගිණුමට බැර කිරීමයි.
ඔබ දානය දීමට කැමති දිනය මත ක්ලික් කල විට, “දාන ඉල්ලුම් පත්‍රිකාව” දක්නට ලැබෙනු ඇත. ඔබ එය පුරවා ඉදිරිපත් කල යුතු ය.ඔබ පෝරමය ඉදිරිපත් කිරීමට පෙර ඔබේ විද්‍යුත් ලිපිනය නිවැරදි බව තහවුරු කළ යුතු ය. ඒ සඳහා, ඔබේ විද්‍යුත් තැපෑල ඇතුළත් කර "කේතය ලබා ගන්න" යනුවෙන් සඳහන් ටැබය ක්ලික් කරන්න. එවිට ඔබ ලබා දුන් විද්‍යුත් තැපෑලට කේතයක් ලැබෙනු ඇත. ලබා දී ඇති ඉඩෙහි එම කේතය ඇතුළත් කර "තහවුරු කරන්න" යනුවෙන් සඳහන් ටැබය ක්ලික් කරන්න. ඊට පසු, ඔබට පෞද්ගලිකත්ව ප්‍රතිපත්තිය (privacy policy) සහ නියමයන් සහ කොන්දේසි (terms and conditions) කියවිය හැකිය. ඉන් පසුව, ඔබ පෞද්ගලිකත්ව ප්‍රතිපත්තිය සහ නියමයන් සහ කොන්දේසි සමඟ එකඟ වන බව දැක්වීමට අදාළ කොටුව සලකුණු කරන්න. අවසානයේ “දාන ඉල්ලුම් පත්‍රය” ඉදිරිපත් කරන්න. `
ඔබට ආරණ්‍ය සේනාසනයේදී පෞද්ගලිකව දානය පිරිනැමීමට අවශ්‍ය නම්, ඔබ පෝරමයේ අදාළ කොටුව සලකුණු කළ යුතුය. මේ සඳහා ඔබ ශ්‍රී ලංකාවේ ජංගම දුරකථන අංකයක් තහවුරු කළ යුතුය. ඔබ ඔබේ ශ්‍රී ලංකා ජංගම දුරකථන අංකය ඇතුළත් කර ඉදිරිපත් කරන විට ඔබේ දුරකථනයට කෙටි පණිවිඩයක් ලෙස කේතයක් ලැබෙනු ඇත. මෙම කේතය භාවිතයෙන් ඔබගේ දුරකථන අංකය තහවුරු කරන්න. ඉන්පසු ඉහත විස්තර කර ඇති පරිදි ඔබට එම “දාන ඉල්ලුම් පත්‍රය” ඉදිරිපත් කළ හැකිය.
ඉන් පසු ඔබ තෝරාගත් ආරණ්‍ය සේනාසනය විසින් ඔබට අවශ්‍ය දිනය වෙන්කළ හැකි ද යන්න පරීක්ෂා කර බලා විද්‍යුත් තැපෑලෙන් දැනුම් දෙනු ඇත. ඔබ ඉල්ලා සිටින දිනය තිබේ නම්, ඔබට “තාවකාලික වෙන්කිරීමේ ලිපිය” ( letter of tentative booking) ලැබෙනු ඇත. මෙම ලිපියේ ආරණ්‍ය සේනාසනයේ බැංකු විස්තර, ආරණ්‍ය සේනාසනය විසින් නම් කරන ලද දෙදෙනෙකුගේ දුරකථන අංක, සහ පුණ්‍යානුමෝදනාව සඳහා තොරතුරු සැපයීමට සබැඳියක්( link) සපයනු ලැබේ.
සේනාසනයේ ගිණුමට මුදල් යැවීමෙන් පසු සම්පූර්ණ කරන ලද “මුදල් හුවමාරු තොරතුරු පෝරමය” ( money transfer information form) අප වෙත දින 5ක් ඇතුලත යොමුකළ යුතුය. එම “මුදල් හුවමාරු තොරතුරු පෝරමය” ( money transfer information form), “තාවකාලික වෙන් කිරීමේ ලිපියේ” (letter of tentative booking) ඇති සබැඳියෙන් ( link) ලබා ගත හැකිය. මෙම “මුදල් හුවමාරු තොරතුරු පෝරමය”, ඔබට “තාවකාලික වෙන් කිරීමේ ලිපිය” ලැබී දින 7 ක් ඇතුලත දී අප වෙත නොලැබුනහොත් ඔබගේ තාවකාලික දින වෙන් කිරීම ස්වයංක්‍රීය ව අවලංගු වේ.ආරණ්‍ය සේනාසනය, මුදල් ලැබුණු බව තහවුරු කළ විට, දායකයාට එම දිනය ස්ථිර කරන “තහවුරු කිරීමේ ලිපිය” ( letter of confirmation) විද්‍යුත් තැපෑලෙන් ලැබෙනු ඇත. ඉන් පසු, එදිනට ආරණ්‍ය සේනාසනයේ සිටින කෙනෙක් හෝ ආරණ්‍ය සේනාසනයට සමීපව වාසය කරන උපාසක මහත්මයෙක් හෝ මහත්මියක් විසින් ඔබේ දානය පිළියෙළ කර පූජා කරනු ලැබේ. දානය පූජා කිරීමෙන් පසු, දායකයාට ආරණ්‍ය සේනාසනයේ ඇති පහසුකම් අනුව වීඩියෝ පටිගත කිරීමක්, හඬ පටයක් සහ ඡායාරූප කිහිපයක් හෝ ලිපියක් ලෙස පුණ්‍යානුමෝදනාවක් ලැබේ. මෙම ගොනු ( files) බාගත (download) කළ හැකි අතර දින 30කට පසු ස්වයංක්‍රීය ව මැකී යනු ඇත.
ඔබ පෞද්ගලිකව දානය පුදන්නේ නම්, ඔබ වාසය කරන ප්‍රදේශය අනුව එම දින හෝ ඊට පෙර දින ආරණ්‍ය සේනාසනයට යා යුතු ය. කරුණාකර මේ පිළිබඳව අදාළ ආරණ්‍ය සේනාසනය සමඟ සාකච්ඡා කරන්න.
වෙබ් අඩවියට අවශ්‍ය කරන්නේ අවම මට්ටමේ පුද්ගලික තොරතුරු පමණි. එනම් දායකයාගේ සම්පූර්ණ නම, විද්‍යුත් ලිපිනය සහ දුරකථන අංකයයි. මේ තොරතුරු අදාල දානය සම්බන්ධ සන්නිවේදන අරමුණු සඳහා පමණක් භාවිතා වේ. ඊට අමතරව, මුදල් හුවමාරුව හඳුනා ගැනීම සඳහා අවම මට්ටමේ බැංකු තොරතුරු ඉල්ලා සිටිනු ඇත. ආගන්තුක පරිශීලක තොරතුරු රඳවා නොගනු ඇත. මෙම පුද්ගලික තොරතුරු අදාළ ආරණ්‍යය සේනාසනය ඇතුළු කිසිදු පාර්ශවයක් සමඟ බෙදා නොගනී. අදාළ ආරණ්‍යය සේනාසනයට හෙළි වන්නේ ඔබේ මුල් නම පමණි. එසේම, මෙම තොරතුරු කිසිදු අලෙවිකරණ අරමුණක් සඳහා භාවිතා නො කරනු ඇත.
ශ්‍රී ලංකාවේ බෞද්ධ කටයුතු අමාත්‍යාංශයේ ලියාපදිංචි වී ඇති ආරණ්‍ය සේනාසනයන් පමණක් මෙම වෙබ් අඩවිය හරහා සම්බන්ධ කර ගත හැකිය.
මෙම වෙබ් අඩවිය, දානය සඳහා වන පිරිවැය පිළිබඳව ඇස්තමේන්තු ලබා නො දෙනු ඇත. ආරණ්‍ය සේනාසන කෙළින්ම සම්බන්ධ කර ගත්ත ද එවැනි ඇස්තමේන්තු ලබා නොදෙනු ඇත. කෙසේ වෙතත්, ශ්‍රී ලංකාවේ ශීඝ්‍රයෙන් වෙනස් වන ආහාර මිල හේතුවෙන් විශේෂයෙන් විදේශයන්හි වෙසෙන දායකයින්ට දාන පිරිවැය ඇස්තමේන්තු කිරීම දුෂ්කර විය හැකිය.
පෝය දවසක දාන සඳහා අමතර වියදමක් දැරීමට සිදුවිය හැකිය. එම නිසා පෝය දින වල පිරිවැය ඇස්තමේන්තු කිරීමට පෙර කරුණාකර අදාළ ආරණ්‍ය සේනාසනය සම්බන්ධ කර ගන්න.
සමහර ආරණ්‍ය සේනාසන වල Zoom තාක්ෂණ පහසුකම් තිබිය හැකිය. එවැනි ස්ථාන වල දායකයන්ට දුරස්ථව දාන පිළිගන්වන අවස්ථාවට සම්බන්ධ විය හැකිය. Zoom තාක්ෂණය සඳහා පහසුකම් සපයන්නේ දැයි බැලීමට කරුණාකර අදාල ආරණ්‍ය සේනාසනයේ පිටුවට පිවිසෙන්න.
ආරණ්‍ය සේනාසනයේ සිදුවන සාමාන්‍ය ක්‍රියා පටිපාටිය හේතුවෙන් මෙම වෙබ් අඩවිය සම්පූර්ණ දිනයක ආහාර සඳහා පමණක් පහසුකම් සපයයි. කෙසේ වෙතත්, උදෑසන ආහාරය පමණක් පිරිනැමීමට කැමති අය ඒ සඳහා සෘජුවම ආරණ්‍ය සේනාසනය අමතන්න.
වෙන්කිරීමේ ඉල්ලීම් ක්‍රියාත්මක කිරීමේදී අරමුදල් ගෙවීමේ දී දායකයාගේ පාර්ශවයෙන් මෙන්ම දානවෙන්කරවා ගැනීමේ ක්‍රියාවලියේදී ආරණ්‍ය සේනාසනය පාර්ශවයෙන්ද ප්‍රමාදයන් සිදුවිය හැකිය. එම සාධක සැලකිල්ලට ගනිමින්, සාමාන්‍ය සැලසුම් කාලය දින 15ක් ලෙස ගණනය කර ඇත. එබැවින්, ප්‍රමාණවත් කාලයකට ඉඩ නොමැති එම දිනයන් තේරීම සඳහා අප පිටුව හරහා ලබා ගත නොහැකිය.
දායකයකුට දානයක් වෙන් කළ විට, ආරණ්‍ය සේනාසනය එය වෙනත් දායකයෙකුට අන්තර්ජාලයෙන් හෝ දේශීයව ලබා නොදේ. ඒ නිසා කිසිම හේතුවක් මත භික්ෂුන් වහන්සේලාට දානයක් අතපසු නොකිරීමට අප වග බලා ගත යුතුයි. එමනිසා, ඔබ නියමිත වේලාවට මුදල් බැර නොකළහොත් ස්වයංක්‍රීයව දානය අවලංගු කිරීමට වෙබ් අඩවිය සකසා ඇත.
දායකයකුට වරකට ඉල්ලා සිටිය හැකි දාන සංඛ්‍යාව සම්බන්ධයෙන් සීමාවන් නොමැත. කෙසේ වෙතත්, ආරණ්‍යය සේනාසනය විසින් දානය සඳහා අරමුදල් ලැබී ඇති බව තහවුරු කරන තුරු දිනයක් වෙන්කර ගත නොහැක.
දායකයන්ට පුනරාවර්තන දානයක් ලෙස මාසිකව හෝ වාර්ෂිකව නිශ්චිත දිනයක් වෙන්කර තබා ගැනීමට වෙබ් අඩවිය ඉදිරිපත් නොවේ. කෙසේ වෙතත්, වෙන් වෙන් වශයෙන් නියමිත කාල පරතරයන්හිදී දානයන් වෙන්කරවා ගැනීම සඳහා සීමාවන් නොමැත.
තාවකාලික දාන වෙන් කිරීමක් සඳහා සාමාන්‍යයෙන් දින 3 ක් ගතවනු ඇතැයි ගණන් බලා ඇත. ඉන් පසු දින 5ක් ඇතුලත ඔබ මුදල් බැර කර අප වෙත දැනුම් දිමෙන් පසු ඔබගේ පරිත්‍යාගය ආරණ්‍ය සේනාසනයට ලැබී ඇත්නම් දින 3 කින් ඔබගේ දානය තහවුරු කරනු ඇත. වෙන්කරවා ගැනීමේ ක්‍රියාවලියේ යම් අවධියක පුළුල් ප්‍රමාදයක් තිබේ නම්, වෙබ්අඩවි පරිපාලකයින් සම්බන්ධ වී ක්‍රියාවලිය වේගවත් කිරීමට සහ දෙපාර්ශවය දැනුවත් කිරීමට උපරිම උත්සාහයන් ගනු ඇත.
ඔව්, කෙසේ වෙතත්, ආරණ්‍ය සේනාසනය සම්බන්ධ කර ගැනීමේ දුෂ්කරතා මඟහරවා ගැනීම සඳහා, වෙබ් අඩවිය සැලසුම් කර ඇත්තේ නේවාසික භික්ෂූන් වහන්සේලාගේ සංඛ්‍යාව වැනි නිතිපතා වෙනස් වන ප්‍රධාන තොරතුරු හැකිතාක් යාවත්කාලීනව තබා ගැනීමටය. මෙය සාක්ෂාත් කර ගැනීම සඳහා, ආරණ්‍ය සේනාසනය වෙත ඔවුන්ගේ වෙන් වූ පිටුවල එවැනි තොරතුරු යාවත්කාලීන කිරීමට ප්‍රවේශය ලබා දී ඇත. යාවත්කාලීන කළ දිනය වෙබ් අඩවියේ පෙන්වනු ඇත.
ඔබට අමතර තොරතුරු අවශ්‍ය නම්, “තාවකාලික තහවුරු කිරීමේ ලිපියේ” දක්වා ඇති සම්බන්ධතා අංක භාවිතයෙන් ඔබට සෘජුවම ආරණ්‍ය සේනාසනයේ අදාල පුද්ගලයන් සම්බන්ධ කර ගත හැකිය. ඔබ ආරණ්‍ය සේනාසනය සම්බන්ධ කර ගන්නා විට, සිංහල භාෂාවෙන් අමතන මෙන් ඉල්ලා සිටින අතර පිටුවේ සඳහන් කර ඇති පැය කිහිපය තුළ පමණක් ඔවුන් අමතන්න. කරුණාකර ඔබගේ විමසීම් හැකිතාක් කෙටි කරන්න. ඔබට උපකාර කිරීමට පහසුවක් වන බැවින් ඔබේ දාන දිනය උපුටා දක්වන්න.
Danaparamitha.com වෙබ් අඩවිය දාන සඳහා මුදල් හුවමාරු කිරීමට ගෙවීම් දොරටුවක් සමඟ ඒකාබද්ධ කර නොමැති නිසා දායකයන්ට වෙනත් මුදල් හුවමාරු ක්‍රමයක් සොයා ගැනීමට සිදුවේ.
දායකයා ඉල්ලුම් කළ දාන දිනය අගුළු දැමීමට පෙර ආරණ්‍ය සේනාසනයට ඔබගේ පරිත්‍යාගය ලැබුනු බව සොයා ගැනීමට ආරණ්‍ය සේනාසනයට උපකාර කිරීම සඳහා මුදල් හුවමාරුව පිළිබඳ අවම තොරතුරු සපයන ලෙස වෙබ් අඩවිය දායකයාගෙන් ඉල්ලා සිටී.
දානය අවසන් වූ පසු ආරණ්‍ය සේනාසනය දායකයාට පුණ්‍යානුමෝදනාව දින කීපයකින් විද්‍යුත් තැපෑලෙන් එවනු ඇත. එම පුණ්‍යානුමෝදනා (ශ්‍රව්‍ය දෘශ්‍ය මාධ්‍ය) වෙත ප්‍රවේශ වීමට සහ බාගත කිරීමට සබැඳියක් මෙහි ඇතුළත් වේ.
ඔව්. ඔබට අවශ්‍ය නම් ඔබේ මනාපය ලිවීමට අවස්ථාව සලසා තිබේ. සාමාන්‍යයෙන් ආරණ්‍ය සේනාසන සඳහා පිළියෙළ කරන්නේ නිර්මාංශ ආහාර වේලකි. දායකයින්ට ඔවුන්ගේ දානයේ ඇතුළත් අයිතම සාකච්ඡා කිරීමට අවශ්‍ය නම් ආරණ්‍ය සේනාසන සම්බන්ධ කර ගැනීමට උනන්දු කරනු ලැබේ. හුදකලාව පිහිටීම සහ සම්පත් හිඟකම හේතුවෙන්, අත්‍යවශ්‍ය යැයි සලකනු ලැබුවද යම් යම් අවශ්‍යතා හෝ ඉල්ලීම් ඉටු කිරීමට ආරණ්‍ය සේනාසනයන්ට නොහැකි විය හැකි බව දායකයන් තේරුම් ගත යුතුය.
Danaparamitha.com වෙබ් මගින් ලබා දෙන්නේ ආරණ්‍ය සේනාසනය නමින් ලියාපදිංචි බැංකු ගිණුම් පමණි. අප වෙබ් අඩවිය කිසිවකුගේ පුද්ගලික ගිණුම් වල විස්තර ලබා නොදේ. දාන වෙන්කරවා ගැනීමේ ක්‍රියාවලියේදී danaparamitha.com වෙබ් අඩවියෙන් සපයනු ලබන ගිණුම්වලට හැර වෙනත් ගිණුම් වෙත මුදල් බැර නොකරන ලෙස දායකයන්ට උපදෙස් දෙනු ලැබේ.
දායකයන්ට පිරිකර දීමට අවශ්‍ය නම් ඒ සඳහා වෙන් කර ඇති ස්ථානයේ පිරිකර ගැන ලිවිය හැකිය. දායකයන්ට විශේෂ පිරිකර පිරිනැමීම් හෝ වෙනත් ඕනෑම පූජාවක් සංවිධානය කිරීමට අවශ්‍ය නම් අදාළ ආරණ්‍ය සේනාසනය කෙලින්ම සම්බන්ධ කර ගෙන එම කාර්ය කර ගැනීමට හැකිය.
Danaparamitha.com වෙබ් අඩවිය මඟින් දානයක මිල ගණන් ලබා නොදේ. දායකයන්ට අවශ්‍ය නම් එය ආරණ්‍ය සේනාසනය වෙතින් කෙලින්ම ඉල්ලා සිටිය හැකිය. කරුණාකර දානයට පෙර ඔබේ අවශ්‍යතාවය ඔවුන්ට දැනුම් දෙන්න.
Danaparamitha.com පරිපාලකයින් ආරණ්‍ය සේනාසන පිලිබඳ තොරතුරු යාවත්කාලීන කිරීමට උපරිම උත්සාහයක් දරනු ඇත. මෙම උත්සාහයේ කොටසක් ලෙස , ආරණ්‍ය සේනාසනයන්හි නිතිපතා වෙනස් වීමට හැකියාව ඇති තොරතුරු ඔවුන්ගේ පිටු වල යාවත්කාලීන කිරීමට ප්‍රවේශය ලබා දී ඇත. යාවත්කාලීන කිරීම් දින මුද්‍රාවකින් පෙන්නුම් කරනු ලැබේ. එමගින් වෙබ් පිටුව පරිශීලකයන්ට තොරතුරු කෙතරම් වර්තමාන දැයි දැනගත හැකිය.
ආරණ්‍ය සේනාසනයක වැඩ සිටින භික්ෂූන් වහන්සේලා ගණන නිතර වෙනස් වීමට ඉඩ ඇත. භික්ෂූන් වහන්සේලා සංඛයාව හැකිතාක් නිවැරදි ලෙස පෙන්නුම් කිරීමට, ආරණ්‍ය සේනාසනය එය දින මුද්‍රාවක් සමඟ danaparamitha.com වෙබ් අඩවියේ ඇති අදාල පිටුවෙහි යාවත්කාලීන කිරීමට උපරිම උත්සාහයක් දරයි. භික්ෂූන් වහන්සේලාට අමතරව, දාන දිනයක ආරණ්‍ය සේනාසනයක ආගන්තුකයන්, ගිහියන්, උපස්ථාන කරන්නන් සහ අත් උදව් කරුවන් සිටිය හැකිය. මීට අමතරව, ඔබ දානයක් වෙන්කර ගැනීමේදී ලැබෙන “තාවකාලික තහවුරු කිරීමේ” ලිපියෙන් ඔබේ දානය සඳහා සිටින භික්ෂූන් වහන්සේලා සංඛ්‍යාව පිළිබඳව ඔබට දැනුම් දෙනු ලැබේ. දානය පොහොය දිනයක යෙදී ඇත්නම්, දායකයන් ආරණ්‍ය සේනාසනය සෘජුවම සම්බන්ධ කර තහවුරු කර ගැනීමට අපි නිර්දේශ කරමු.
ඔබට ආරණ්‍ය සේනාසනයක දානය පිළියෙළ කිරීමට අවශ්‍ය නම්, අදාළ ආරණ්‍ය සේනාසනයේ ආහාර පිසීමේ පහසුකම් තිබේද යන්න, danaparamitha.com වෙබ් අඩවියේ අදාල ආරණ්‍ය සේනාසනයේ පිටුවට පිවිසීමෙන් සොයා ගත යුතුය. හැම ආරණ්‍ය සේනාසනයකටම එවැනි පහසුකම් නොමැති වෙන්නට පුළුවනි. දාන දිනයේ දී ආරණ්‍ය සේනාසනයට පෞද්ගලිකව සහභාගී වීමට අදහස් කරන්නේ නම්, කරුණාකර ඔබ දාන වෙන්කරවා ගැනීමේ පෝරමයේ ඇති සලකුණු කොටුව තෝරා ගන්නා බවට සහතික වන්න. මෙය ඔබව සුදුසු කාර්ය ප්‍රවාහය හරහා ගෙන යනු ඇත. එසේම, දාන සකස් කිරීම සඳහා ඔබට ප්‍රමාණවත් කාලයක් ඇති බව සහතික කිරීම සඳහා ඔබේ පැමිණීම කල්තියා සැලසුම් කරන්න. එවැනි අවස්ථාවන්හිදී ආරණ්‍ය සේනාසනය ඔබගේ පුණ්‍යානුමෝදනව විද්‍යුත් තැපෑලෙන් එවන්නේ නැත.
දානය නිවසේ පිළියෙළ කිරීම පහසු යැයි සලකනු ලැබුවහොත් සහ සැපයුම් ගැටළු මතු නොවිය හැකි නම් දායකයන්ට නිවසේදී දානය පිළියෙළ කර ආරණ්‍ය සේනාසනයට ගෙන යා හැකිය. ඔබ නිවසේ දී දානය පිළියෙළ කිරීමට අදහස් කරන්නේ නම් කරුණාකර ඔබ “දාන වෙන්කරවා ගැනීමේ පෝරමයේ” ඇති සලකුණු කොටුව තෝරා ගැනීමට වග බලා ගන්න. මෙය ඔබව සුදුසු කාර්ය ප්‍රවාහය හරහා ගෙන යනු ඇත. එසේම, බුද්ධ පූජාව සහ දාන කටයුතු සඳහා නියමිත වේලාවට පැමිණීම සහතික කිරීම සඳහා ඔබේ පැමිණීම කල්තියා සැලසුම් කරන්න. කරුණාකර මේ සඳහා ආරණ්‍ය සේනාසනය කලින්ම අමතා ඔබ නිවසේ දානය පිළියෙළ කර ඔබ තෝරාගත් දිනට සෙනසුන වෙත ගෙන එන බව ඔවුන්ට දන්වන්න.
”මුදල් හුවමාරු තොරතුරු ලිපියක්” ඉදිරිපත් කළ පසු, ආරණ්‍ය සේනාසනය අරමුදල් ලැබීම තහවුරු කරනු ඇත. ඔබට මේ පිළිබඳව දැනුම් දීමක් කරනු ඇත.
ඒ සඳහා ඔබගේ නම, දුරකථන අංකය, දානය දීමට අවශ්‍ය දිනය සහ ඔබට දානය පිරිනැමීමට අවශ්‍ය ආරණ්‍ය සේනාසනය සමඟ අපගේ සම්බන්ධතා යෙදවුම ( contact us) හරහා අපට ඉල්ලීමක් එවිය හැකිය. අදාළ ආරණ්‍ය සේනාසනය සමඟ සාකච්ඡා කර ඔබට අවශ්‍ය දිනය ලබා ගැනීමට danaparamitha.com වෙබ් අඩවියට උපකාර කල හැකිය. ඒ සඳහා එම දිනය වෙනත් කෙනෙක් සඳහා වෙන්කර නොතිබිය යුතුය.
දානයක් පූජා කිරීමෙන් පසු මුදල් අතිරික්තයක් ඇත්නම් එම අතිරික්ත මුදල් වෙනත් දිනයක දානයට පමණක් යෙදවිය යුතු බව අපි ආරණ්‍ය සේනාසනය සමග එකඟතාවයකට පැමිණ ඇත. කෙසේ වෙතත්, ආරණ්‍ය සේනාසනයට දායකයා සමඟ සාකච්ඡා කර එම මුදල් වෙනත් කටයුත්තකට යෙදවිය හැකිද යන්න තීරණය කළ හැකිය.
දානපරමිතා වෙබ් අඩවියේ ඉහළ දකුණු කෙළවරේ "ඇතුල් වන්න/ලියාපදිංචි වන්න" සඳහන් ටැබ් එකක් ඇත. ආරණ්‍ය සේනාසන ලියාපදිංචි කිරීමේ පිටුවට යාමට මෙම ටැබය මත ක්ලික් කර ලියාපදිංචි වන්න යන ටැබය මත ක්ලික් කරන්න. "ආරණ්‍ය සේනාසන ලියාපදිංචිවීම" යන පිටුවේ ලියා ඇති උපදෙස් අනුගමනය කරන්න.
නැත, වෙබ් අඩවියට සම්බන්ධ විය හැක්කේ ශ්‍රී ලංකාවේ බෞද්ධ කටයුතු අමාත්‍යාංශයේ ලියාපදිංචි ආරණ්‍ය සේනාසනවලට පමණි. අවසාන තීරණය danaparamitha.com කළමනාකරණ කමිටුවේ අභිමතය පරිදි වේ.